Skip to main content

Posts

Showing posts from 2008

New year wishes for 2009

Invitation

Ransara Radio

Vacancy

තොරතුරු තාක්ෂණික ප්‍රදර්ශනය

බලංගොඩ නැණසල මගින් 2008-05-31 සහ 2008-06-01 යන දෙදින පුරා ර/විද්‍යාලෝක මහා විද්‍යාලයේදී නැණ Info Tec 2008 තොරතුරු තාක්ෂණික ප්‍රදර්ශනය පවත්වන්නට යෙදුනි.

මල් සහ බෙලි මල් දන්සල

2008-05-19 වන වෙසක් පුන් පොහෝ දින බලංගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරයේදී මල් සහ බෙලි මල් දන්සලක් සමාජ සංවර්ධන නැණසල ඊ සමාජය මගින් පවත්වන ලදී. මීට අමතරව එදින සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් 500කට අධික පිරිසක් සඳහා ගිලන් පස පූජාවක්ද කරන ලදී.

ඊ සමාජයේ මහා සභා රැස්වීම

සමාජ සංවර්ධන නැණසල ඊ සමාජයේ මහා සභා රැස්වීම 2008-05-02 වන සිකුරාදා සවස 2.30 ට බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේදී, බලංගොඩ හා වැලිගෙපොල නැණසල ඊ සමාජයන්හි සමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි. මෙහිදී, ඊ සමාජය මගින් සිදු කළ ක්‍රියාකාරකම් පිළිබඳ අදහස් සාකච්ජා කිරීමද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කිරීමද ශේෂයෙන් සිදු විය.

පාසල් සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනෑමීම

ර/ඇල්ලෙපොල මහා විද්‍යාලයේදී පවත්වන ලද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික වැඩමුළුවේදී එම විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. ඒ වෙනුවෙන් සිසු සිසුවියන් තෝරා ගැනීම සඳහා වැඩමුළුව අවසානයේ ලිඛිත පරීක්ෂණයක් පවත්වන්නට යෙදුනි. එහිදී ඒ සඳහා සිසු සිසුවියන් සහභාගී වූ අයුරු ඉහත ඡායාරූපවල සටහන් වේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික වැඩමුළුව

2007-04-07 වන සඳුදා දින ර/ඇල්ලෙපොල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් හා ගුරු මහත්ම මහත්මීන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී. එහිදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද? ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනු ලබන්නේ කෙසේද? යනාදි කරුණු පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලදී.

පෞරුෂ වර්ධන වැඩමුළුව

බලංගොඩ සහ වැලිගෙපොල නැණසල මධ්‍යස්ථානයන්හි ආරම්භ කරන ලද සමාජ සංවර්ධන නැණසල ඊ සමාජයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් 2008-04-19 සහ 2008-04-20 යන දෙදින තුළ ර/ඇල්ලෙපොල මහා විද්‍යාලයේදී පෞරුෂ වර්ධන වැඩමුළුක් සංවිධානය කරන ලදී. එහිදී, පෞරුෂත්ව වර්ධනය සාමූහිකත්වය නායකත්වය බුද්ධි වර්ධනය සිත පාලනය කිරිම සමාජ සංවර්ධනය වෙනුවෙන් තොරතුරු තාක්ෂණය භාවිතා කරන ආකාරය ආදී වූ විශේෂාංග ප්‍රායෝගික පුහුණුව සමගින් සාර්ථකව නිම කරන ලදී. මෙම වැඩමුළුව සම්බන්ධයෙන් අපගේ විශේෂ ස්තූතිය වැලිගෙපොල නැණසලේ උපදේශිකා අරුණි දීපිකා මෙනවියට හා සියලුම සිසු සිසුවියන්ට පනාමුර නැණසලේ ව්‍යාපෘති කළමනාකරු ජයන්ත සමන් කුමාර මහතාට බලංගොඩ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් දසනායක මහතාට සියොත්සු කරාතේ සංගමයේ අධ්‍යක්ෂ ජේ. ආරියසේන මහතාට ජනසන්නිවේදන උපදේශක පාලිත කුමාරසිරි මහතාට ර/ඇල්ලෙපොල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, චම්පික ගුරුමහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා සියලුම සිසු දරු දැරියන්ට සමාජ සංවර්ධන නැණසල ඊ සමාජයේ නිලධාරී මණ්ඩලය ඇතුළු සියලුම සාමාජික සාමාජිකාවන්ට මෙම වැඩමුළුව ආරම්භයේ සිට අවසානය තෙක් ඉමහත් කැපවීමක් කළ සුමේධ අනුර ජයන්ත සොයු

තොරතුරු තාක්ෂණික වැඩමුළුව.

බලංගොඩ අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරුන් සඳහා බලංගොඩ නැණසල මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද එක් දින වැඩමුළුව 2008-03-09 වන ඉරු දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි. මෙහිදී ‍තොරතුරු තාක්ෂණය භාවිතය වැදගත් වන්නේ ඇයි? ඒ තුලින් වැඩ පහසු කර ගන්නේ කෙසේද? අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල අධ්‍යාපනික කටයුතු සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණය ඉවහල් කර ගන්නා ආකාරය පිළිබඳ විශේෂ දේශන පවත්වන ලදී. මෙහිදී අදාළ දේශන සඳහා පනාමුර නැණසල මධ්‍යස්ථානයේ ජයන්ත වික්‍රමරත්න මහතා හා බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේ උදේෂ් මල්ලිකාරත්න මහතා සහභාගී වූහ. මීට අමතරව නැණසල මධ්‍යස්ථානය හරහා ලද අත්දැකීම් පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා සමාජ සංවර්ධන නැණසල ඊ සමාජයේ සභාපති සුමේධ අනුර ජයන්ත මහතා එක්විය.

නැණසල ඊ සමාජයේ මහා සභා රැස්වීම

බලංගොඩ නැණසල මධ්‍යස්ථාන‍ය යටතේ ක්‍රියාත්මක සමාජ සංවර්ධන නැණසල ඊ සමාජයේ මහා සභා රැස්වීම 2008-02-20 වන දින බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

තොරතුරු තාක්ෂණික සහතික පත්‍ර පාඨමාලා විභාගය

තොරතුරු තාක්ෂණික සහතික පත්‍ර පාඨමාලා න්‍යායික විභාගය 2008-02-23 දින රත්නපුර සුමන බාලිකා මහා විද්‍යාලයේදී රත්නපුර දිස්ත්‍රික් නැණසල මධ්‍යස්ථානයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

තොරතුරු තාක්ෂණික සහතික පත්‍ර පාඨමාලා විභාගය

‍තොරතුරු තාක්ෂණික සහතික පත්‍ර පාඨමාලා විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය 2008-02-17 සහ 2007-02-18 යන දෙදින තුල පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා කාලය තුල බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. එහිදී පරීක්ෂකරුන් ලෙස කන්දෙගම නැණසල මධ්‍යස්ථානයේ අරුණි දීපිකා මෙනවිය හා පනාමුර නැණසල මධ්‍යස්ථානයේ ජයන්ත වික්‍රමරත්න මයා සහභාගී වූහ.