Skip to main content

Posts

Showing posts from April, 2008

පෞරුෂ වර්ධන වැඩමුළුව

බලංගොඩ සහ වැලිගෙපොල නැණසල මධ්‍යස්ථානයන්හි ආරම්භ කරන ලද සමාජ සංවර්ධන නැණසල ඊ සමාජයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් 2008-04-19 සහ 2008-04-20 යන දෙදින තුළ ර/ඇල්ලෙපොල මහා විද්‍යාලයේදී පෞරුෂ වර්ධන වැඩමුළුක් සංවිධානය කරන ලදී. එහිදී, පෞරුෂත්ව වර්ධනය සාමූහිකත්වය නායකත්වය බුද්ධි වර්ධනය සිත පාලනය කිරිම සමාජ සංවර්ධනය වෙනුවෙන් තොරතුරු තාක්ෂණය භාවිතා කරන ආකාරය ආදී වූ විශේෂාංග ප්‍රායෝගික පුහුණුව සමගින් සාර්ථකව නිම කරන ලදී. මෙම වැඩමුළුව සම්බන්ධයෙන් අපගේ විශේෂ ස්තූතිය වැලිගෙපොල නැණසලේ උපදේශිකා අරුණි දීපිකා මෙනවියට හා සියලුම සිසු සිසුවියන්ට පනාමුර නැණසලේ ව්‍යාපෘති කළමනාකරු ජයන්ත සමන් කුමාර මහතාට බලංගොඩ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් දසනායක මහතාට සියොත්සු කරාතේ සංගමයේ අධ්‍යක්ෂ ජේ. ආරියසේන මහතාට ජනසන්නිවේදන උපදේශක පාලිත කුමාරසිරි මහතාට ර/ඇල්ලෙපොල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, චම්පික ගුරුමහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා සියලුම සිසු දරු දැරියන්ට සමාජ සංවර්ධන නැණසල ඊ සමාජයේ නිලධාරී මණ්ඩලය ඇතුළු සියලුම සාමාජික සාමාජිකාවන්ට මෙම වැඩමුළුව ආරම්භයේ සිට අවසානය තෙක් ඉමහත් කැපවීමක් කළ සුමේධ අනුර ජයන්ත සොයු