බලංගොඩ නැණසල 2013 උසස් පෙළ සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් සඳහා සූදානම් කරන ලද විෂය තෝරා ගැනීමේ සම්මන්ත්‍රණය පසුගිය දා අති සාර්ථකව පවත්වන්නට යෙදුනි. මේ සඳහා රුවන්පුර ජාතික විද්‍යාපීඨයේ මනෝ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විපුල ශ්‍රී නන්ද මැතිතුමා විභාග ජය ගැනීමේ විශේෂ රහස් කීපයක් ඇතුලත් දේශණයක් ද පවත්වන්නට යෙදුනි. මිට අමතරව සබරගමු විශ්ව විද්‍යාපයේ කථිකාචාර්යවරුන් ද උසස් පෙළ විෂය තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ද වැදගත් දේශණ කීපයක් පවත්ව ලදී. මෙම සමාජ සත්කාරය බලංගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති ම.ම. විද්‍යාලීය කලා අධ්‍යයන අංශය සමඟ එක්ව බලංගොඩ නැණසල අනුග්‍රහයෙන් සිදු කරන්නට යෙදුනි. මෙම විශේෂ අවස්ථාවට ශ්‍රී බුද්ධ ජයන්ති ම.ම. විද්‍යාලයේ විදුහල්පතිතුමන්, උප විදුහල්පතිවරුන්, අංශ භාර ආචාර්යවරුන් ද බලංගොඩ නැණසලේ කළමණාකරු උදේෂ් මල්ලිකාරත්න මහතා ඇතුළුව නිළධාරී මහත්ම මහත්මීන් ද සහභාගී විය. පහත දැක්වෙන්නේ එම විශේෂ අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප කිපයකි.